දේශීය භාෂා බිහිදොර

සිංහල සහ දෙමළ භාෂා බිහිදොර

සිංහල සහ දෙමළ භාෂා බිහිදොර

ප්‍රමිතීන්

යුනිකෝඩ් අක්ෂර

ආදාන විධි

පාරිභාෂික ශබ්දාවලි

ව්‍යාපෘති අප වෙත යොමු කරන්න

දේශීය භාෂා පරිගණක භාවිතය හා අදාළ ඔබගේ පර්යේෂණ ව්‍යාපෘති මෙහි පළ කිරීම සඳහා අප වෙත එවන්න.
තවමත් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති >>>
නිම කරන ලද ව්‍යාපෘති >>>

තොරතුරු තාක්ෂණය දේශීය භාෂාවන්ගෙන් භාවිතය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය 1980 දශකයේ අගභාගයේදී පමණ ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්‍ෂණෙවේද සභාව (CINTEC) විසින් නිල වශයෙන් ආරම්භ කරන ලදී. පසුව, 2003 දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම පිහිටුවීමත් සමඟ තොරතුරු තාක්ෂණය දේශීය භාෂාවන්ගෙන් භාවිතය සඳහා අවශ්‍ය සියල්ලම සැකසුනි. එවාට මෙහෙයුම් පද්ධති සඳහා මඟ පෙන්වීම්, දේශීය භාෂා ‍ෆොන්ට්, යතුරු පුවරු පිරිසැලැස්ම, ප්‍රමිතීන්, පෙදෙසි තොරතුරු, පාරිභාෂික ශබ්දාවලිය පිළිබඳව කටයුතු කරන ලදි. තවද කොළඹ, මොරටුව හා යාපනය යන විශ්ව විද්‍යාල මඟින් තොරතුරු තාක්ෂණය සඳහා දේශීය භාෂා භාවිතය පිළිබඳ විශේෂ වැඩවටහන් ක්‍රියාත්මක කරයි.