දේශීය භාෂා බිහිදොර

ප්‍රභව කේත

ICTA අක්ෂර පරිවර්තනය

ශ්‍රී ලංකාවේ භාවිතා වන භාෂා තුන අතර අක්ෂර පරිවර්තනය කිරීම සඳහා වූ අක්ෂර පරිවර්තනය මෘදුකාංගය, 2009 දී සයන්ස්ලැන්ඩ් (ScienceLand) විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සඳහා නිර්මාණය කරන ලදී. අක්ෂර පරිවර්තනය මෘදුකාංගය අක්ෂර පරිවර්තනය සඳහා භාවිතා කළ හැකිය. ශ්‍රී ලංකාවේ භාවිතා කරන නම් හැසිරවීමේ රටාවන් සහ නීති රීති සැලකිල්ලට ගනිමින්, දේශීය නම්වල භාවිතා වන අක්ෂර වින්‍යාස ප්‍රභේද පිළිබඳ ගැටළුව සහ ඒවා භාෂා තුනෙන් / භාෂාවට අක්ෂර පරිවර්තනය කරන්නේ කෙසේද යන්න මෙහිදි සැලකිල්ලට ගෙන ඇත. පහත දැක්වෙන පරිදි අක්ෂර පරිවර්තනය සිදු කළ හැක.

    • සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට
    • සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවට
    • දෙමළ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට
    • දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවට
    • ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට
    • ඉංග්‍රීසි භාෂාවෙන් දෙමළ භාෂාවට

http://repository.icta.lk/TransliterationTest/
http://repository.icta.lk:80/TransliterationWebService/TransliterationService?wsdl

භාගත කරන්න

ෆොන්ට පරිවර්තකය – ශ්‍රී ලංකා වසම් අධිකාරිය

After installing the given project folder in the web server, following home screen will be appear.

When input strings is entered and click the convert button, input string is converted to Unicode. If “Unicode to Font Mode” button is clicked and set the system to that mode, Unicode string can be inputted and convert that Unicode string to other font.
Download Files

Unicode Syntax checker

ශ්‍රී ලංකාව තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය නව මගකට යොමු කරමින් මේවන විට පරිගණකය සමඟ සිංහල සහ දෙමළ බසින් කටයුතු කිරීමේ හැකියාව මුළුමුනින් ම වර්ධනය වී ඇත. යුනිකේත සම්මතය හඳුන්වාදීමත් සමඟ ඇරඹුණු මෙම නව තාක්ෂණය දේශීය භාෂා යතුරු පුවරු, විවිධ ෆොන්ට වර්ග, භාෂා සැකසුම් මෙවලම් වැනි ඒ සඳහා අවශ්‍ය විවිධ යටිතල පහසුකම් වර්ධනය වීම තුළ ස්ථාවර වී ඇත. මේවන විට සියළුම පරිගණක මෙහෙයුම් පද්ධති තුළ සාර්ථකව ක්‍රියාත්මක වන මෙම නව තාක්ෂණය හේතුවෙන් පරිගණකය තුළ සිංහල සහ දෙමළ බසින් ඇති අන්තර්ගතය ඉතා විශාල වශයෙන් වර්ධනය වී තිබේ. සබැඳි පුවත්පත්, විවිධ වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි, විකිපීඩියා සහ සමාජ ජාල වැනි විවිධ මාධ්‍ය හරහා ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන මෙම දේශීය භාෂා අන්තර්ගතය හේතුවෙන් වර්තමානයේ දී ඉතා පහසුවෙන් අවශ්‍ය ඕනෑම තොරතුරක් සිංහල සහ දෙමළ බසින් සොයා ගැනීමේ සහ නැවත සැකසීමේ පහසුකම සිංහල සහ දෙමළ පරිශීලකයන්ට ලැබී ඇත.

කෙසේ වෙතත්, මෙම තොරතුරු සෙවීමේ සහ නැවත සැකසීමේ පහසුකම් ලබා ගැනීම සඳහා ඔබ නිපදවන අන්තර්ගතය සම්මත යුනිකේත ක්‍රමයට නිවැරදිව යතුරුලියනය කර තිබීම අත්‍යාවශ්‍ය වෙයි. විවිධ වචන සැකසුම් මෘදුකාංග ඇසුරින් ඔබ නිපදවන අන්තර්ගතය පරිගණක තිරයේ නිවැරදි ලෙස දිස්වූවත් පරිගණකය තුළ එය නිරූපණය වී ඇති කේත අනුපිළිවල නිවැරදි නොවීමට ඉඩ තිබේ. එහි එක් ප්‍රතිඵලයක් වන්නේ ඔබ නිපදවූ අන්තර්ගතය ගූගල් වැනි සෙවුම් යන්ත්‍ර භාවිතයෙන් සොයා ගත නොහැකි වීමයි. එමනිසා ඔබ නිපදවන අන්තර්ගතයෙන් බොහෝ ප්‍රතිඵල ලබා ගැනීමට නම්, එය නිවැරදි සම්මත යුනිකේත අනුපිළිවලට තිබේ දැයි බැලීම අත්‍යාවශ්‍ය ය. ඒ සඳහා මෙම “සිංහල දෙමළ යුනිකේත අනුපිළිවල පරීක්ෂකය“ ඔබට උපකාරී වෙයි.

At present, using ICT in Sinhala and Tamil is now completely enabled, with all key operating systems and most applications supporting Unicode Sinhala and Tamil, and due to the availability of the relevant standards, Sinhala and Tamil Unicode fonts, keyboard drivers, collation algorithms and updating the Unicode site’s locale information etc.

But in spite of all these initiatives and the measures taken for enabling the use of Unicode conformant Sinhala and Tamil, very often it has been found that users still type characters incorrectly, using incorrect sequences which yield text with incorrect (“garbage”) characters.

Download Source Files

යුනිකෝඩ් පරිවර්තකය – මොරටුව විශ්ව විද්‍යාලය

ප්‍රභව කේතයන් භාගත කිරීම සඳහා පිවිසෙන්න
සේවාව ලබා ගැනීම සඳහා පිවිසෙන්න