දේශීය භාෂා බිහිදොර

සේවාවන්

රාජ්‍ය ලේඛන සඳහා වෘත්තීය පරිවර්තන සේවාව

මොරටුව විශ්වවිද්‍යාලයීය ජාතික භාෂා සැකසුම් මධ්‍යස්ථානය (එන්එල්පීසී), සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි අතර නිල ලේඛන පරිවර්තනය කිරීම සඳහා SiTa පරිගණක ආධාරක භාෂා පරිවර්තන පද්ධතියක් (SiTa Computer-Assisted Translation System) සකස් කර ඇත.

ලේඛන පරිවර්තනය කිරීම සඳහා සීටා (SiTa) නවීන යන්ත්‍ර පරිවර්තන මෙවලමක් භාවිත කරයි. මෙම පරිවර්තනයන් පසුව වෘත්තීය පරිවර්තකයින් විසින් සමාලෝචනය හා සංස්කරණය කර අවසානයේ සමාලෝචක විසින් නැවතත් අදාළ පරිවර්තනයෙහි නිරවද්‍යතාව පරීක්ෂා කරනු ඇත. මෙම පියවර තුනේ ක්‍රියාවලිය භාවිත කරමින් පරිවර්තනයේ නිරවද්‍යතාව සහ වේගය යන දෙකම වැඩි දියුණු කර ඇත. ලේඛනවල රහස්යභාවද ආරක්ෂා කරනු ලැබේ.

මෙම සේවාව දැනට ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ භාෂාවලින් පවතින ලේඛනයක්, එක් භාෂාවකට හෝ භාෂා දෙකටම පරිවර්තනය කිරීමේ හැකියාව පවතින අතර මෙම සේවාව දැනට රාජ්‍ය ආයතන සඳහා ලබාගත හැකිය.

පරිවර්තනය කළ හැකි ලේඛන වන්නේ:

  • චක්‍රලේඛ
  • වාර්තා සහ
  • ලිපි

ඊළඟ වැඩ කරන දිනයේ දී වචන 360 දක්වා වූ ලේඛනයක් පරිවර්තනය කර සමාලෝචනය කිරීම එහි අරමුණයි. දිර්ඝ ලිපි ලේඛන පරිවර්තනය සඳහා වැඩි කාලයක් ගතවනු ඇත. පිළිගනු ලබන්නේ ඩිජිටල් ලේඛන ආකෘතියෙන් වූ යුනිකෝඩ් ලේඛන පමණි (යුනිකෝඩ්.ඩොක්ස් ආකෘතිය – Unicode.docx format). මෙහිදී පරිවර්තනය කරනු ලබන්නේ නියැදි පෙළෙහි ඇති ලේඛන කොටස (රූප, ප්‍රස්තාර, වගු ආදිය නොමැතිව) පමණි.

මෙම සේවාව භාවිතා කිරීමට අවශ්‍ය නම්, පරිවර්තන සේවා භාවිතා කිරීම සඳහා වන අයදුම්පත බාගත කරගෙන එය සම්පූූූූර්ණ කර sita@uom.lk යන ලිපිනය වෙත විද්‍යුත් තැපෑලෙන් යොමු කරන්න. වැඩි විස්තර සඳහා 077 216 3628 දුරකතනයෙන් හෝ sita@uom.lk විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

සිංහල / දෙමළ භාෂාවෙන් ලියා ඇති රජයේ නිල ලේඛන සඳහා පරිගණක ආධාරක පරිවර්තන පද්ධතිය

The National Languages Processing Center (NLPC), at the University of Moratuwa has produced and operated the SiTa Translation Support System which assists in the translation of documents from Sinhala to Tamil and vice versa since 2018.

Government organizations need to produce all official documents in all three languages, and currently the lack of human translators is a hindrance to produce accurate translations at the required rate. Therefore this Translation System is very much useful for the government sector.

මෙම වෙබ් අඩවියට පිවිස https://sita.uom.lk ඉල්ලුම් කරන්න.

සුබස අකුරු විනිස පිරික්සුව

සුබස අකුරු විනිස පිරික්සුව යනු යුනිකෝඩ් ක්‍රමයට සිංහල භාෂාවෙන් ලියා ඇති ලියවිල්ලක අක්ෂර වින්‍යාසය පරීක්ෂා කර ගැනීම සඳහා භාවිත කළ හැකි සබැඳි යෙදුමකි. යුනිකෝඩ් නොවන ෆොන්ට් භාවිතයෙන් ලියූ ලේඛන සඳහා මෙය සහාය නොදක්වන අතර ඔබේ ලේඛනයේ සිංහල අක්ෂර වින්‍යාසය පරීක්ෂා කර ගැනීම සඳහා මෙය ඉතා පහසුවෙන් යොදා ගත හැකි වේ.

පිවිසෙන්න

යුනිකෝඩ් එසැණින් පරිවර්තකය

යුනිකෝඩ් එසැණින් පරිවර්තකභාවිතයෙන් යුනිකේත නොවන ෆොන්ට් භාවිතයෙන් ලියූ ලියවිල්ලක් යුනිකේත භාවිතයෙන් ලියූ ලියවිල්ලක් බවට පරිවර්තනය කළ හැකි වේ. මෙය ඩීඑල්-මානෙල්, එෆ්එම්-අභය, තිබස්, කපුටා සහ අමාලි යන සිංහල ෆොන්ට සඳහා මෙන්ම බාමිනී දෙමළ ෆොන්ටය සඳහා පහසුකම් සපයයි. පිවිසෙන්න

සිංහල යතුරු පුවරු

සිංහල භාෂාවෙන් යතුරු ලියනය කිරීම පහසු කිරීම සඳහා මෙහි යතුරු පුවරු දෙකක් වෙයි. එනම් සබැඳි යතුරු පුවරුව හා ශබ්දිම යතුරු පුවරුවයි. ඉන් සබැඳි යතුරු පුවරුව මූසිකය පමණක් භාවිත කරමින් යතුරු ලියනය කිරීම සඳහා උපකාරී වන අතර ඉංග්‍රීසි අකුරු භාවිත කරමින් යතුරු ලියනය කර එය සිංහල ක්‍රමයට පරිවර්තනය කර ගැනීම සඳහා ශබ්දිම යතුරු පුවරුව උපකාරී වෙයි.

පිවිසෙන්න

සිංහල – දෙමළ පරිවර්තකය


පිවිසෙන්න

පාරිභාෂික ශබ්ද මාලාව – රාජ්‍ය භාෂා දෙපාර්මේන්තුව


පිවිසෙන්න

ත්‍රිභාෂා ශබ්දකෝෂය – රාජ්‍ය භාෂා දෙපාර්මේන්තුව


පිවිසෙන්න

සිංහල ශබ්දකෝෂය


පිවිසෙන්න