ගැහැණු හඬ කාණ්ඩය
එක් ගැහැණු හඬකින් ඇති වාගාලාප 3000ක් මෙහි ඇතුළත් වෙයි. සිංහල භාෂාවෙහි බහුලව යෙදෙන වචන පිළිබඳ සැලකිලිමත් ව එම වාගාලාප තෝරා ගැනුණු අතර සිංහල භාෂාව සඳහා කථන සංජානන පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මෙම දත්ත යොදා ගැනිණි.
පිරිමි හඬ කාණ්ඩය
එක් පිරිමි හඬකින් පටගත කළ වාගාලාප 625ක් මෙම කොටසෙහි ඇතුළත් වෙයි. මෙය සිංහල පෙළ කථන මෘදුකාංගයක් නිර්මාණය කිරීම සඳහා සකස් කෙරුණු දත්ත සමූහයකි.
මිශ්‍ර කාණ්ඩය
ජංගම දුරකථන සඳහා සින්දු ඉල්ලීම් කිරීමේ යෙදුමක් නිර්මාණය කිරීම සඳහා සකස් කළ මෙම වාග් සංහිතාවෙහි වෙනස් හඬ 2000කින් පමණ පටිගත කළ වාගාලාප 74,000ක් ඇතුළත් වෙයි.
සිංහල පුවත් කාණ්ඩය
පටිගත කරන ලද සිංහල පුවත්වලින් සැකසෙන මෙම කාණ්ඩයෙහි පිරිමි සහ ගැහැණු පුවත් නිවේදකයින්ගේ හඬ ඇතුළත් වාගාලාප 8000ක් පමණ වෙයි. මෙය දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි.
භාගත කරන්න