දේශීය භාෂා බිහිදොර

අප ගැන

තොරතුරු තාක්ෂණය දේශීය භාෂාවන්ගෙන් භාවිතය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය 1980 දශකයේ අගභාගයේදී පමණ ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්‍ෂණෙවේද සභාව (CINTEC) විසින් නිල වශයෙන් ආරම්භ කරන ලදී. පසුව, 2003 දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම පිහිටුවීමත් සමඟ තොරතුරු තාක්ෂණය දේශීය භාෂාවන්ගෙන් භාවිතය සඳහා අවශ්‍ය සියල්ලම සැකසුනි. එවාට මෙහෙයුම් පද්ධති සඳහා මඟ පෙන්වීම්, දේශීය භාෂා ‍ෆොන්ට්, යතුරු පුවරු පිරිසැලැස්ම, ප්‍රමිතීන්, පෙදෙසි තොරතුරු, පාරිභාෂික ශබ්දාවලිය පිළිබඳව කටයුතු කරන ලදි. තවද කොළඹ, මොරටුව හා යාපනය යන විශ්ව විද්‍යාල මඟින් තොරතුරු තාක්ෂණය සඳහා දේශීය භාෂා භාවිතය පිළිබඳ විශේෂ වැඩවටහන් ක්‍රියාත්මක කරයි.

මෙම මූලාරම්භයේ ප්‍රතිඵලයක් ලෙස සිංහල හා දෙමළ භාෂාවලින් යතුරු ලියනය කිරීමට මෙන්ම සිංහල හා දෙමළ භාෂාව භාවිතයෙන් පරිගණක, ජංගම උපකරණ වලින් තොරතුරු හුවමාරු කර ගැනීමට සහ සිංහල හා දෙමළ භාෂා භාවිතයෙන් වෙබ් අඩවි ගවේෂණය කර ගැනීමට හැකියාවක් ලැබුණු අතර මේ සඳහා විවිධ අකුරු වර්ග බාගත කිරීමට අවශ්‍ය නොවිණි. තවඳ මෙම අන්තර්ගතයන් සිංහල සහ දෙමළ අකුරු ලෙස මනා ලෙස දිස් වූ අතර පෙර ලෙස විවිධ සංකේත ලෙස දිස් නොවිණි. මෙම දේශීය භාෂා වෙබ් අඩවි නැරඹීමට ෆොන්ට් ලබා ගැනීමට අවශ්‍ය නොවන අතර තවදුරටත් ඉමේල් සමඟ අදාළ ෆොන්ට යැවිමට සිදු නොවුණ. නිසි ප්‍රමිතියන් අනුගමනය කිරීම තුළින් මේ කාර්තව්‍යන් මනා ලෙස සිදු කර ගැනීමට හැකිිවිය.

මේ පිළිබඳ අඛණ්ඩව උනන්දුවක් දක්වමින් විවිධ ආයතන විසින් තම සම්පත් හා කාලය උපයෝගී කර විවිධ කටයුතු සඳහා මුලාරාම්භ ගෙන කටයුතු කරන අතර ඔවුන් වෙනත් පාර්ශවයක් විසින් තවදුරටත් සම්පූර්ණ කර ඇති කාර්යයක් සඳහා යොමු විමට හැකියාවක් ඇත. දැනට දේශිය භාෂාවන් සඳහා සිදු කර ඇති ක්‍රියාකාරකම් පිළිබඳ නොදැනුවත් වීම නිසා මෙය සිදු වන අතර ශිෂ්‍යයන්,පර්යේෂකයන් දේශීය භාෂා අන්තර්ගත හෝ සම්පත් ලබා ගත හැක්කේ කුමන ආයතනයකින් දැයි නොදැනුවත් වේ. මෙම දුර්වලතාවයන් මඟ හරවා ගැනීමට දේශීය භාෂා බිහිදොර පිටුවහලක් වේ යැයි අපේක්‍ෂා කරමු.