දේශීය භාෂා බිහිදොර

නිමැවු ව්‍යාපෘති

සුබස අකුරු විනිස පිරික්සුව
සුබස අකුරු විනිස පිරික්සුව යනු යුනිකෝඩ් ක්‍රමයට සිංහල භාෂාවෙන් ලියා ඇති ලියවිල්ලක අක්ෂර වින්‍යාසය පරීක්ෂා කර ගැනීම සඳහා භාවිත කළ හැකි සබැඳි යෙදුමකි. යුනිකෝඩ් නොවන ෆොන්ට් භාවිතයෙන් ලියූ ලේඛන සඳහා මෙය සහාය නොදක්වන අතර ඔබේ ලේඛනයේ සිංහල අක්ෂර වින්‍යාසය පරීක්ෂා කර ගැනීම සඳහා මෙය ඉතා පහසුවෙන් යොදා ගත හැකි වේ.

භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය,

යුනිකෝඩ් එසැණින් පරිවර්තකය
යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතයෙන් යුනිකේත නොවන ෆොන්ට් භාවිතයෙන් ලියූ ලියවිල්ලක් යුනිකේත භාවිතයෙන් ලියූ ලියවිල්ලක් බවට පරිවර්තනය කළ හැකි වේ. මෙය ඩීඑල්-මානෙල්, එෆ්එම්-අභය, තිබස්, කපුටා සහ අමාලි යන සිංහල ෆොන්ට සඳහා මෙන්ම බාමිනී දෙමළ ෆොන්ටය සඳහා පහසුකම් සපයයි.

භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය,

සිංහල යතුරු පුවරු

සිංහල භාෂාවෙන් යතුරු ලියනය කිරීම පහසු කිරීම සඳහා මෙහි යතුරු පුවරු දෙකක් වෙයි. එනම් සබැඳි යතුරු පුවරුව හා ශබ්දිම යතුරු පුවරුවයි. ඉන් සබැඳි යතුරු පුවරුව මූසිකය පමණක් භාවිත කරමින් යතුරු ලියනය කිරීම සඳහා උපකාරී වන අතර ඉංග්‍රීසි අකුරු භාවිත කරමින් යතුරු ලියනය කර එය සිංහල ක්‍රමයට පරිවර්තනය කර ගැනීම සඳහා ශබ්දිම යතුරු පුවරුව උපකාරී වෙයි.

භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය,

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය සහ ශ්‍රී ලංකා තො.ස.තා නියෝජිතායතනයේ දෙමළ වාග් සංහිතාව
භාගත කරන්න

සුබස දෙමළ දෘශ්‍ය අකුරු හඳුනා ගැනීමේ යෙදවුම
මෙම යෙදවුම දෙමළ භාෂා දෘශ්‍ය අකුුරු හඳුනා ගැනීම සඳහා නිර්මාණය කර ඇත. මෙ මඟින් රූප තුළ ඇති අකුරු පරිගණකයේ භාවිත කළ හැකි අකුරු බවට පරිවර්තනය කරයි. .jpg ගොනු මේ සඳහා යොදා ගත හැකි අතර යුනිකෝඩ් අකුරු ලබා දේ.

පිවිසෙන්න

Si-Ta – සිංහල / දෙමළ භාෂාවෙන් ලියා ඇති රජයේ නිල ලේඛන සඳහා පරිගණක ආධාරක පරිවර්තන පද්ධතිය

Si-Ta යනු NLP මධ්‍යස්ථානය – මොරටුව විශ්ව විද්‍යාලයය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය අතර සහයෝගී උත්සාහයකි. Si-Ta දැනට සිංහල සිට දෙමළ දක්වා සහ දෙමළ සිට සිංහල දක්වා කෙටි නිල ලේඛන පරිවර්තනය කිරීමට සහාය දක්වයි.

පිවිසෙන්න

විස්තීර්ණ POS tag කාණ්ඩ සහ සිංහල POS tagger

A new Sinhala POS tag set that overcomes the limitations of the previous Sinhala POS tag set. A corpus of 400,000 words have been manually annotated, which in turn was used to train different supervised classifiers.

පිවිසෙන්න

සිංහල රූප සංශ්ලේෂකය

A morphological synthesizer for Sinhala nouns, which works with a reasonable accuracy.

පිවිසෙන්න

ව්‍යාපෘතිය අප වෙත යොමු කරන්න

නිම නොවූ ව්‍යාපෘති යොමු කිරීම >>>

නිම වූ ව්‍යාපෘති යොමු කිරීම >>>